Latestදේශීය

2005 සිට වසා තැබූ අරලියගහ මන්දිරය අසල මාවත විවෘත කෙරේ

කොළඹ කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කරනු ලැබීය.

වසර 19කට පසු මෙම මාර්ගය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි ඊයේ (04) දින මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන ලදි.

දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුකෙරෙන අතර , එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන කොටස ද විවෘත කෙරෙනු ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *