IMF සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශය
ශ්‍රී ලංකාව සිය නිල ණය හිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණය හිමියන්ගේ කමිටුවෙන් ලද බවය.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරිණි.
ඒ අනුව නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බව මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත්ව ඇත.
මුදල් අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහායට සියලු ණය හිමියන්ට, නිල ණය හිමියන්ගේ කමිටුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කරන බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

