Latestදේශීය

ආදායම් බදු ගෙවන්න – අවසන් නිවේදනය නිකුත් කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් විශාල සහ මධ්‍යම පරිමාණයේ බදු හිඟ පවත්වා යන්නන්ට අවසාන අවවාදයක් නිකුත් කර ඇත.

ඔවුන් වසර අවසානය වනවිට රුපියල් බිලියන 300ක් වන බිල්පත් පියවිය යුතු අතර, එසේ නොමැතිනම් ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට සහ බැංකු ගිණුම් අවහිර කිරීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද අවධාරය කර තිබේ.

විශාල බදු ගෙවන්නන්ගේ ඒකක සහ ඉහළ ව්‍යාපාරික බදු කාණ්ඩවලට අයත් වන සහ හිඟ මුදල රුපියල් බිලියන 100ට අඩු ව්‍යාපාර ඔක්තෝබර් 25 වනවිට තම හිඟ මුදල් පියවිය යුතු අතර මෙම ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු අය දෙසැම්බර් 25 දක්වා හිඟ මුදල් ගෙවීමට කාලය ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසයි.

හිඟව ඇති බදු අතර එකතු කළ අගය මත බදු (VAT) සහ බදු ගොනු හිමියන් 1,500ක් පමණ හිඟයන්ගෙන් තුනෙන් දෙකක් වන ඉහළ ව්‍යාපාරික බදු කාණ්ඩවලට අයත්ව සිටී.

“අප මෙම මුදල වසර අවසානය වනවිට අය කර ගතහොත්, අපට වාර්ෂික ඉලක්කය සපුරා ගත හැකිය,” ඇය පවසයි.

ඇය පැවසුවේ හිඟ පවත්වා යන්නන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත්, සමහරුන් කැඳවා IRD තීරණය පිළිබඳව දැනුවත් කර ඇති බවත්ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *