Latestදේශීය

සිඟිති ආතල් ගත්අය දැන් බියවන්න – ලාල් කාන්ත

රටේ ජනතාව අන්ත දුක් විඳිද්දී මේ රටේ නායකයින් මොන තරම් සුඛෝපභොගි ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව පැවසූවේ මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී පසුගිය 03 වනදා පැවති මාධ්‍ය හමුවක දීය.

ඉදිරියේ දී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්වය රටේ ජනතාවට දැකගත හැකි වන බවත් ඉදිරියේ දී මේවා ප්‍රදර්ශනය කරාවි යැයි බියෙන් ඇතැම් අය මේ වනවිට නිල නිවාසවල බඩු වෙනත් තැන්වලට ගෙනයන්නට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා වන බවත් ඔහු එහිදී පැවසීය පවසයි.

එහිදී වැඩිදුරටත් මේ සම්බ්නධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත,

“මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් කුමන ආකාරයටද පරිහරණය කළේ කියන කාරණය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි. ඒ වෙනුවෙන් අපි තව තවත් ප්‍රදර්ශන පවත්වනවා. ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මෙය ගැටලුවක් විය හැකියි. ජනාධිපතිවරයා පසුගිය කාලයේ දී කිසිදු අදාළකමක් නැති තනතුරුවලට තම තමන්ගේ හිතුවතුන් පත්කර යාන වාහන ලබා දී තිබෙනවා.

හිතවතෙකුට තනතුරක් දෙන්න ඕන වුණාම තනතුරක් හදලා ඒ අයට දීලා. මේවා මේ රටේ ජනතාව දැන ගැනීම වරදක්ද? ජනතාව වංචා දූෂණයට විරුද්ධයි වගේම ඒවා කළ අයට දඬුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ජනතාවගේ සල්ලි වලින් සිඟිති ආතල් ගත්ත අයට මේවා ඇහේ කටු අනිනවා වගේ.”

මහනුවර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී චන්ද්‍රසිරි විජේනායකද මෙම අවස්ථාවට සහභාගී විය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *