Latestදේශීය

නව රජය ගැන IMF සතුටුයි

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පසුගිය දා (04) සිය සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව නිල නිවේදනයක් නිකුත්කර තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබඳව ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ශ්‍රී ලංකාව ආර්ථිකව ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිළිබඳව සියල්ලන්ම එකඟ වූ බවත් ඉන් පවසා සිටී.

එසේම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට බලධාරීන්ගේ ඇති කැපවීම ඔවුන් දිරිමත් කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ඇති බවත් ඉන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *