Latestදේශීය

ප්‍රියන්ත තවදුරටත් පොලිස්පතිද? – තීරණය අද

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එවා ඇති නිර්දේශය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිතය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00ට රැස්වීමට නියමිතය.

වැඩබලන පොලිස්පති දින 14කට වඩා වැඩි කාලයක් එම ධුරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතු වේ.

පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැළැක්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය.

අභිනව විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ලෙස පත්කරනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *