Latestදේශීය

කිරිකෝඩු කිරිඇල්ල සෙංකඩගලින් දියවන්නාවට

2024 නව පාර්ලිමේන්තුවට මෙවර  සමගි ජන සන්ධානයේ නවක අපේක්ෂිකාවක් වන්නේ කිරිකෝඩු කිරිඇල්ලය. ඇය නමින් නැතහොත් චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලය. 

චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධියකට, ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික මූල්‍යකරණය හා නීතිය පිළිබඳ පශ්චාත් උපාධියකට හිමිකම් කියන්නීය.

තම සරසවි ජීවිතය තුළ ශිෂ්‍ය සංගම් නායිකාවක් ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇති චමින්ද්‍රානී කිරිඇල්ල මාග්‍රට් ත්‍රැචර්, ටෝනි බ්ලෙයාර් වැනි ලෝක ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයින් හිමිකරගත් මහා බ්‍රිතාන්‍යයේ ලින්කන්සින්හිදී බැරිස්ටර්වරියක් ලෙස දිව්රුම් දෙනු ලැබීය.

ඒ සියල්ල පසෙකලා සිය මව්රට පැමිණි චමින්ද්‍රානී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිළධාරිනියක් බවට පත්වූ අතර දිවයිනේ ප්‍රමුඛතම සමාගම් රැසක නීති අංශ ප්‍රධානී ලෙස තම වෘත්තීය ජීවිතය ප්‍රගුණ කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම අනතුරුව සමගි ජන බලවේගයේද දශක ගණනාවක් පුරා දේශපාලනයේ නිරත වූ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය ලෙස චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල මෙවර සෙංකඩගල ජනතාවගේ සමගි ජන සන්ධාන අපේක්ෂිකාව ලෙස මැතිවරණයට ඉදිරිපත්ව ඇත.

කිරිකෝඩු කිරිඇල්ල ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී සටහනක් තබනු ඇතැයි ඇය පිළබද බලාපොරොත්තු තබා සිටින පාක්ෂිකයින් විශ්වාසය පල කරයි.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *