Latestදේශීය

රෝසිගේ කතාවෙන් එළියට ආ මහින්දගේ රථගාය

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ උපදේශිකාවක ලෙස පත් කර සිටි රෝසි සේනානායකට ලබා දී තිබුණේ, වේයන් කන ලද පෝෂ් රථයක් බව ප්‍රකාශ කිරීමෙන් පසුව ප්‍රභූ රථගාය පිළිබඳව බොහෝ තොරතුරු හෙළි වී තිබේ.

ඊයේ (10දා) රාත්‍රියේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයේ දී හෙළි වූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත් වූ මුල් වසර තුළ දී ම රුපියල් කෝටි 129ක වාහන ලබාගෙන ඇති බව ය. චන්ද්‍රිකා ජනාධිපතිවරිය විශ්‍රාම යන අවස්ථාවේ ජනාධිපති වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් තුන්කෝටි නව ලක්‍ෂ දසදහසක් වූ බවත්, වසර නවයකට පසු 2014 වර්ෂය අවසානයේ මහින්ද රාජපක්‍ෂ පරාජය වන විට එම වාහන සංචිතයේ වටිනාකම රුපියල් 370 කෝටියකට ආසන්න වූ බවත් එමඟින් හෙළි කර තිබිණි.

මහජන බදු මුදලින් භුක්ති විඳි වරප්‍රසාද ජනතාවගෙන් සැඟවීම සඳහා ඒවායේ සත්‍ය වටිනාකම් මුදල් අමාත්‍යංයේ වාර්ෂික වාර්තාවලින් 2015 සිට ඉවත් කර ඇත.

එම සවිස්තර සහිත වීඩියෝ පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *