Latestදේශීය

වසන්ත සේනානායකගේ රියදුරා අත්අඩංගුවට

රියදුරු බලපත්‍රයක්ද නොමැතිව නීතී විරෝධී ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක් ධාවනය කිරීමේ චෝදනා යටතේ ගලපිටමඩ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත් මෙවර පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු මෙන්ම දැදිගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරන වසන්ත සේනානායකගේ රියදුරා මේ මස 23 වනදා තෙක් රක්ෂිත බන්ධනා ගාර ගත කිරීමට රුවැන්වැල්ල මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

සමගි ජන බලවේග අපේක්ෂක වසන්ත සේනානායක විසින් තම පුද්ගලික රථය ලෙස භාවිතා කර ඇත්තේ මෙම රථය වන අතර මෙය අංක WP-PC 4755 දරන ෆොර්ඩ් රේන්ජර් වර්ගයේ සිල්වර් පැහැති කැබ් රථයකි.

මෙලෙස අත්අඩංගුය ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 131, ඇටානාවත්ත, දුම්මලදෙනිය, වරකාපොල ලිපිනයේ පදිංචි රාජසේකර වඩුගේ සමිර ලක්මාල් ගුණවර්ධන නැමැත්තෙකු වන අතර ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වසන්ත සේනානායකගේ පුද්ගලික රථය ලෙස මෙය භාවිතා කරන බවය.

මෙය බේරාගැනීම සඳහා වසන්ත සේනානායක සෘජුවම පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබාගෙන ඇතැයිද වාර්තාවේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *