Latestදේශීයව්‍යාපාරික

Aviyana – 2024 ඩුබායි වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩනඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.

Aviyana සමූහ ව්‍යාපාරයේ විධායක නිළධාරියෙක් මෙම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය පිළිබදව මෙසේ අදහස් පල කරන ලදි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සැපයීමට අපේක්ෂා කරයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *