අජිත් මාන්නප්පෙරුමත් සටනින් ඉවතට
සමගි ජන බල සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා ලබා දී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම තමන් හට ඡන්දය ලබා නොදෙන ලෙසත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන බවත් අද (12) පෙරවරුවේ ප්‍රකාශ කරනු ලැබීය.
මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස සිටි තමන් ඉවත් කර රනිල් පිලෙන් අයෙකු පත් කිරීම සජිත් ප්‍රේමදාසගේ සෘජු මැදිහත්වීමෙන් සිදු කර ඇති නිසා එයට විරෝධය පෑමක් ලෙස බව ප්‍රකාශ කර තිබිණි. තමන් නාමයෝජනාවලට අත්සන් තබා පැය 24 ඉක්මයාමටත් පෙර එම පත් කිරීම සිදු කර ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.
සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් පවතින බවත් එම තත්වය තුළ තවදුරටත් ඔහු සමග දේශපාලන කටයුතුවල නිරතවිය නොහැකි නිසා තමන් හට ඡන්දය ලබා දීමෙන් වලකින ලෙස ඔහු ඉල්ලා ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

