Latestදේශීය

කෙහෙළියගේ අළුත්ම පිම්ම

ඖෂධ ජාවාරම පිළිබඳව අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වී මේ වන විට ඇප මත සිටින හිටපු සෞඛ්‍ය ඇමැති, කෙහෙළිය රඹුක්වැල්ල අද (13) විශාල දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.

මහනුවර ප්‍රමුඛ පෙළේ හෝටලයක එය පවත්වා ඇති අතර, 500ක් පමණ දෙනා ඊට සහභාගී වූ බව වාර්තා වේ. එම පිරිස අමතමින්, ඔහු ප්‍රකාශ කර ඇත්තේ, නිර්දෝෂී පුද්ගලයකු ලෙස නැවත දේශපාලනයට පැමිණීම පිළිබඳ අරමුණක් ඇති බව ය.

තමා මෙයට අවුරුදු 31කට පෙර අහම්බෙන් දේශපාලනයට පැමිණි බවත්, ඊට පෙර සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස සිටි බවත් සඳහන් කර ඇත. ඉදිරියේ දී ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදීම හෝ නොයෙදීම සම්බන්ධයෙන් කුමන තීරණයක් ගත්ත ද, එම භෝජන සංග්‍රහයට පැමිණි පිරිස ඔහු සමඟ හදවතින් ම සිටිනු ඇතැයි විශ්වාස කරන්නේ යැයි ද ප්‍රකාශ කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *