Latestදේශීය

කටුකුරුන්ද දුම්රියපල අසල 3දෙනෙක් මියයයි – දිවි නසාගැනීමක් බව පොලීසිය කියයි

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් පසුගිය දා (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබේ.

පොලීසිය සැක පළකරන්නේ සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි පුද්ගලයා ඔහුගේ බිළිඳා ද රැගෙන කෝච්චියට පැන ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී අසල්වැසි පුද්ගලයා කෝච්චියේ ගැටී ඇති බවටය.

ඉන් නාගොඩ වෙනිවැල්කැටියේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි තරුෂ අසංක ඔහුගේ අවුරුදු 01 යි මාස 10 ක් වයසැති බිළිඳා වන සනුල් මිතේෂ් සහ ඔවුන්ගේ අසල්වැසියෙකු වූ 49 රොෂාන් ජානක නමැත්තා ජීවිතක්ෂයට පත්විය.

මියගිය තරූෂ අසංක නමැත්තා දුම්රියට පැන සියදිවි නසාගන්නා බවට නිවැසියන්ට පවසා සිය බිළිඳු පුත්‍රයාද කැටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ බව සැලවූ ඔවුන්ගේ අසල්වැසියෙකු වන රොෂාන් ජානක නමැත්තා කඩිනමින් එම ස්ථානයට ගොස් තිබුණි.

එහිදී අසංක බිළිඳා සමග දුම්රිය වේදිකාවේ රැඳී සිටිනු දැක ඔවුන් ඉවත් කිරීමට ඔහු උත්සහා ගත්තද, තිදෙනාම දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයට ඇදවැටුණු බව පැවසේ.

අනතුරෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකරන විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ මියගිය 21 හැවිරිදි පුද්ගලයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර බිරිඳ මානසික ආබාධයක් සහිත තැනැත්තියක් බවය.

නිවැසියන්ගේ ප්‍රකාශ අනුව මෙය සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වන්නේයැයි පොලීසිය පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *