මන්ත්‍රී වැටුප් දිගටම පක්ෂ අරමුදලට – සුනිල් හඳුන්නෙත්ති
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත් වන ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව එම පක්ෂය ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
තම පක්‍ෂය වරදාන වරප්‍රසාද වලට දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බවද හෙතෙම කියා සිටි.
එම ප්‍රතිපත්තිය ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් වෙනස් නොකරන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
කොළඹදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු මෙම අදහස් පළ කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

