ලක්අම්මා ඇයි අද කට වසාගෙන
දමිතා අබේරත්න……
අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නොවැ, මේ කියන්නේ අපූරු රංගන ශිල්පිනියක් ගැන කියලා. රංගනයට උපන් හපන් සුරුවිරුකම් පෑ දමිතා කියන්නේ ලක් අම්මාට ඉන්න ජාතික වස්තුවක් කිවුවොත් ඒක අතිශෝක්තියක් වෙන්න බැහැනෙ නේ….
ඒත් ඉතිං මේ…… දඬුබස්නාමානයේ විතරක් නෙමෙයි, අපි බලපු කරපු ටෙලිනාට්‍යවල, චිත්‍රපටිවල, එතකොට වේදිකා නාට්‍යවල ආ…. ඔය අන්තීමට අසංක සායක්කාර කරපු අයියා මලෝ නාට්‍යයේ එහෙම කාටත් නොදෙවෙනි රඟපෑම් කරපු දමිතා අබේරත්න කියන දක්ෂම දක්ෂ රංගන ශිල්පිනිය අද පත්වෙලා තියෙන්නේ පුදුම අකරතැබ්බයකටනෙ. මතක් වෙනකොටත් පපුව හෝස් ගාලා යනවා…. අම්මපා…
කොච්චර රඟපාන්න දක්ෂ වුනත්, අරගලය වෙලාවේ උනත් තමන්ගේ රංගනය තුළින් රටක් වසඟයට ගන්න තරම් හැකියාව තිබුනත් ඔය රත්තපුරට ඒ රංගනය ඒ තරම්ම වැඩකරලා නැහැ කියලයි රට්ටු කියන්නේ.
වලකට වැටුනොත් මොලයට ලාභයක් කියලා, දේශපාලන පොර පිටියේ රංගනය ගැන මූළික දැනුම අත්පත් කර ගන්න නම් දක්ෂ පුහුණුකරුවෙක්ගෙන් දැනුම ගන්න දමිතාට මීට වඩා උනන්දු වෙන්න වෙයි කියලත් රට්ටු කියනවා…… අඩුම තරමේ දේශපාලන රංගනයේ හය මාසික ඩිප්ලෝමාවක් වත් කරන්න දමිතා හිත හදාගත්තොත් නේද…..? වෙලාවක් හොයාගන්න අමාරුම නම් දුරකථනයෙන් හරි මාර්ගගත ක්‍රමයට හරි මේ කටයුත්ත කරන්නම වෙයි දමිතා. අම්මපා මේ කියන්නේ ඔයා ගැනයි ලක් අම්මා ගැනයි දෙන්නම ගැන හිතලමයි.
ඔය වැඩේට ටක්කෙටම හරියන පුහුණුකරුවෙක් ඉන්නවා…… එයා වැඩේට දස්සයා….. කිව්වට නිකමට උත්සාහ කරලා බලනවා නම් හේෂා තමයි වැඩ්ඩා…….
ඉගෙන ගන්නවානං රඟපෑම………… හේෂා තමයි හේෂා………..
රත්තරං මල්ලී තමයි හේෂා………… පහනක් එහෙම පත්තු කරලා ආගමට දහමට මුල්තැන දීලා සුබ මොහොතින් පටන් ගන්නවා නං දේශපාලන රංගනයේ උසස් ඩිප්ලෝමාව…..
අම්මපා…………. හේෂා තමයි හේෂා……..

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

