ග්‍රෑන්පාස් ඝාතනයට යොදාගත් මෝටර් රථය පන්සලකින් හමුවෙයි
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි.
මෝටර් රථය රැගෙන අද (17) දින අලුයම හතරට පමණ වේගයෙන් විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

