ආයෝජන මණ්ඩලයේ නව සභාපති අර්ජුන හේරත්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වන හේරත් මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
එමෙන්ම හෙතෙම ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසත් ඒ මහතා සේවය කර ඇත.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

