Latestදේශීය

කළුතර ප්‍රදේශයේ සොරකමේ ගිය සැකකරු අත්අඩංගුවට

October 24, 2024   08:19 am

කළුතර දකුණ පොලිස් වසමේ තේක්ක වත්ත ප්‍රදේශයේදී රාත්‍රී කාලයේ ගෙවල් බිඳ දේපොළ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන තේක්ක වත්ත, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

මෙම සැකකරු ‘මිහිකතවත්තේ බකලා’ ලෙසින් හැඳින්වේ.

වාද්දුව, කළුතර හා අවට පොලිස් වසම් රැසක දීර්ඝ කාලයක් තිස්සේ නිවාස බිඳුම් සිදුකරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඔහු විසින් නිවාසවලින් සොරකම් කරන ලද ලක්ෂ පහළොවකට ආසන්න රන් භාණ්ඩ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට අලෙවි කොට තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

එමෙන්ම එම නිවාසවලින් සොරකම් කරන ලද වටිනා ජංගම දුරකථන හයක්, ජංගම දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ද විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා සහ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති මෙම සැකකරු මීට පෙරද නිවාස බිඳුම් සම්බන්ධයෙන් වසර කිහිපයක සිරදඬුවම් ලබා අධිකරණයේ නඩු කටයුතු පවතින පුද්ගලයෙක්ද වෙයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *