Latestදේශීය

වත්මන් ආන්ඩුවේ සහ මගේ සටන එකයි – රංජන් රාමනායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් වෛද්‍ය පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවකදී රංජන් රාමනායක මහතා මෙසේ පැවසුවේය.

එය හලාවතදී පැවැත්විණි.

රටේ පැවැති යුද්ධය නවතා දැමීමට ඉමහත් කාර්යභාරයක් සිදුකළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය නොසලකා තීරණයක් ගැනීම තමා එකඟ නොවන බවත් ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගිලන් රථ සේවාවක් ලබාදී තිබූ බවත් රාමනායක මහතා මෙහිදී කීවේය.

ඔහු වැඩිදුරටක් මෙසේද කියා සිටියේය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවෙ ලොකු සටනක් කළා. ඒගොල්ලොන්ට ආසන තුනේ අය කියලා පාර්ලිමේන්තුවේ උසුළු විසුළු කළා, අවඥාවට ලක් කළා. නමුත් ලොකු සටනක් දීලා අද බලයට පත්වෙලා තියනවා. ඒගොල්ලො මේ වන විට ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඔවුන්ව විවේචනය කර කර කකුලෙන් ඇදලා ඒ ගමන නැවැත්වීමට ගන්නා උත්සාහය කැත දේශපාලනයක්. ඔවුන් යමක් කරයි කියලා ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ අයගෙ සටන් පාඨයම තමයි මගෙත් සටන්පාඨය. ඒ දූෂණ විරෝධී යන සටන් පාඨය. ජාතික ජනබලවේගය පක්ෂයට කවුරුත් නැති කාලේ එහි දැක්ම ගැන වර්ණනා කළා. අර කුහක දේශපාලන අය වගේ මම එයාලගෙ කකුලෙන් අදින්නෙ නෑ. හැබැයි හීන් සීරුවෙ හේත්තු වෙන්නෙත් නෑ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *