Latestදේශීය

ත්‍රස්ත ප්‍රහාර සැලැස්ම පිළිබඳ කරුණු දක්වයි

මෙරට විදේශ සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටින ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. 

මෙම සිද්ධියට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත පොලීසිය මෙම කරුණු වාර්තා කර තිබේ.

පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවය.

එම ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැක කටයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින සැකකරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී වාර්තා කරන ලෙසත් නියෝග කළේය. 

මෙම ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *