දුම්රිය මැදිරියකින් මතුවූ T56 උණ්ඩ 57
මරදාන සිට බෙලිඅත්ත බලා ඊයේ (29) උදෑසන 06.30ට ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කොට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල් කොට තිබියදී එහි මැදිරියක බෑගයක තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුව ඇත.
අදාළ දුම්රිය නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබූණු අතර සාමාන්‍ය පරිදි එම දුම්රිය පරික්ෂා කිරීමේ දී එහි එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක් තිබෙනු දුම්රිය සේවකයෙකු දැක තිබේ. ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දැනුවත් කොට පරික්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුව ඇත.
මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය දැනුවත් කොට ඇති අතර ඊයේ සවස 2.50වන තුරු එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී පොලිස් නිල සුනඛයන් යොදා පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පැවති බව වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

