ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමත් සමගම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යුවළ සහ පුතු ආගිය අතක් නොම,නොමැති බව පොලිස් ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර තිබිනි.
පොලිස් බාරයට ගත් මෝටර් රථය තුළ තිබී මීට මාස කීපයකට ඉහතදී මිරිහාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත් 3ක් පොලිස් නිලධාරීන් වෙත හමුවී ඇති අතර එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් කවුරුත් දැයි හඳුනා ගැනීම සඳහා එම වෙළඳසලට විශේෂ පොලිස් කණ්ඩායමක් ගියද මාස කීපයකට ඉහතදී එම භාණ්ඩ මිලදී ගෙන තිබූ හෙයින් සීසීටිවි දර්ශනවලින් එය අනාවරණය කර ගැනීමට හැකි වී නැත.
මෙම මෝටර් රථය මෙරට ලියාපදිංචි එකක් නොවන බව මෙතෙක් සිදුකළ විමරශනවලින් මේ වනවට අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

