Latestදේශීය

ලොහාන්ගේ වාහන සිද්ධිය පිටුපස දේවාලයක කපුවෙක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සුඛෝපභෝගී ජීප් රථය තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ICC නිවාස සංකීර්ණයේ පාළු නිවසක ව්‍යාජ අංක තහඩු සවිකර ගරාජයක් තුළ සඟවා තිබියදී තෙල්දෙණිය කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ පිළිබඳ සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබුණේ එම ජීප් රථය මීට දින කීපයකට උඩදී වෙඩි තබාගෙන මියගිය ලොහාන් රත්වත්තේගේ ලේකම් විසින් එම නිවසට දමා ගොස් තිබූ බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *