Latestදේශීය

අනතුරට හේතුව කාර්මික දෝෂයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වෙන්නේ, ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන විට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළුව 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූ බව එම නිවේදනයේ දැක්වේ.

අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

එම මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පවසයි.

තවද අනතුරින් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *