ඉම්රාන් ඛාන් නිදහස් කරනු! පකිස්ථානයේ විරෝධතා
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිතවාදීන් පිරිසක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ බව කියන එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වැනි සංශෝධනය වහාම ඉවත් කරන ලෙස ද විරෝධතාකරුවන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කරච්චි නුවර විවිධ පළාත්වලින් පැමිණ සිටි එම විරෝධතාකරුවන් ඉම්රාන් ඛාන් හා ඔහුගේ පක්ෂයේ සෙසු නායකයන් සිරගත කිරීම නීති විරෝධී බව සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරතවූ බවත්, පාකිස්තානයේ හිටපු ජනාධිපති ආචාර්ය ආරිෆ් අල්වි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සෙසු නායකයන් ද එම විරෝධතාවට එක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

