ලොහාන් සාමාන්‍ය වාට්ටුවකට මාරුකරයි
හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබේ.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලොහාන් රත්වත්තේ මහතා ඇතුළත් කෙරුණි.
කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත ඊයේ (03) යොමු කර ඇත.
නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

