Latestදේශීය

නායායෑම් අනතුරු ඇඟවීමේ තවදුරටත්

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය බලපැවැත්වෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ වන නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *