Latestදේශීයවිදේශීය

ට්‍රම්ප්ට අනුරගෙන් සුබපැතුම්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සුභ පැතුම් එක් කර තිබේ.

ඒ සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමිනි.

එම X පණිවිඩය මෙසේය

“අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිණමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *