දේශීය

දික්ඕවිට ධීවර වරාය තාවකාලිකව වැසේ

දික්ඕවිට ධීවර වරායෙන් ඉකුත් 08 වැනිදා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම වරාය අද (10) සිට තාවකාලිකව වසා දැමීමට එහි බලධාරින් පියවර ගෙන තිබේ.

එම කොවිඩ් ආසාදිත පුද්ගලයා 28 හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තවත් ධීවරයින් 5 දෙනෙකු සමඟ මුහුදේ සිටිය දී උණ රෝගී තත්වය හේතුවෙන් ගොඩබිමට පැමිණීමෙන් අනතුරුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එහි දී සිදුකළ PCR පරීක්ෂණයෙන් එම ධීවරයා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති අතර යාත්‍රාවේ සිටි සෙසු ධීවරයින් 5 දෙනා ද මේ වන විට නිරෝධායනයට යොමුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *