දිලිත්ගේ ජොන් සම්බන්ධයෙන් තීරණය 12වෙනිදා
රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මාස 06ක සිරදඬුවකට ලක්ව සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ඇප මත මුදාහරිනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් ලබන 12 වනදා ප්‍රකාශ කිරීමට නියමිතය.
ඒ තමන්ට නියම කළ සිර දඬුවමෙන් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් ගොනුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම ඊයේ (08) අභියාචනාධිකරණයේදී සළකා බැලීමෙන් අනතුරුවය.
ඔහු දිල්ත් ජයවීරිගේ නායකත්යෙන් යුත් පක්ෂයේ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකුද වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

