බිලියන 8.5ක හිඟ බදු 30ට පෙර නොගෙව්වොත් වැඩ වරදියි
මත්වතුර නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර ඇතිබව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ මස 30 වැනිදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතුය.
හිඟ බදු ගෙවීම සඳහා සමාගම් 10 ආසන්න සංඛ්‍යාවක් සිටීයී.
එම සමාගම් රුපියල් බිලියන 08.5 මුදලක් ගෙවීමට ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.
2023/2024 කාලසීමාවෙ පමණක් ගෙවීමට ඇති හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 01.8 ආසන්න වෙයි.
මේ මස 30 පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

