Latestදේශීය

සාමකාමීව ඡන්දය පාවිච්චි කරන්න – මැතිවරණ කොමිෂන් සභාව

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ වලංගු හැඳුනුම්පතක් රැගෙන වේලාසන ඡන්ද පොල වෙත පැමිණ ඡන්දය භාවිත කරන ලෙසය.

කෙසේ නමුත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී නොමැති නම් එය ඡන්දය දැමීමට කිසිදු බාධාවක් නොවන බවත් ඔහු පැවසීය.

“නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ඔබට ලැබී නැත්නම් කිසිදු ගැටලුවක් නෑ. ඔබට වලංගු හැඳුනුම්පත් තිබෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත , පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිතයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත එසේත් නැතිනම් තාවකාලික හැඳුනුම්පත යන මේ හැඳුනුම්පත්වලින් එකක් රැගෙන ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නට හැකියාව තිබෙනවා. 

විශේෂයෙන් ඡන්දය දෙන ආකාරය ගැන කෙටියෙන් සඳහන් කළොත් ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඉහළින් සඳහන් වන කොටසේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ලකුණ  සඳහන් වෙලා තියෙනවා. ඔබට කැමති දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට ඒ ඉදිරියෙන් තිබෙන කොටුව මත කතිරයක් සලකුණු කිරීමෙන් ඡන්දය ප්‍රකාශය කරන්න පුළුවන්. ඔබ සලකුණු කල හැක්කේ එක කතිරයක් පමණයි.

ඒ වගේම ඔබ මනාප ලබා දීමට අදහස් කරන්නේ නම් ඡන්ද පත්‍රිකාවේ යට කොටසේ තිබෙනවා ඔබේ දිස්ත්‍රික්කයට අදාළ ඒ අපේක්ෂකයින්ගේ මනාප අංක සටහන් කොටු කිහිපයක්. ඒ කොටුවලින් ඔබට කැමති අපේක්ෂකයින් එක්කෙනෙකුට, දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ඔබේ මනාපය සලකුණු කරන්න පුළුවන්. ඒ කොටු මත කතිර සලකුණ පමණක් පාවිච්චි කරන්න ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *