පාර්ලිමේන්තු මන්ත්‍රී ලියාපදිංචිය ඇරඹේ
10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන්ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවය.
මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම නාම ලේඛණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට ද නියමිතය.
ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඊයේ (16) ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

