Latestදේශීය

රනිල්ගේ කනෙන් රිංගූ රවී

හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා  පෙන්වා  දී  ඇත.

අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *