Latestදේශීය

අර්බුදය උඩු දුවයි – රවීගේ නිවසට පොලිස් ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසට පොලිස් ආරක්ෂාවක් ඊයේ (19) ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි. මෙවර මහමැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවිය.

එම මන්ත්‍රී ධුර දෙකෙන් එකකට එම පක්ෂයේ ලේකම් විසින් රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර තිබිණි. ඒ අනුව එම නම මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව ඊයේ වනවිට පියවර ගෙන තිබිණි. රවි කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ඇත්තේ පක්ෂයේ සහ හවුල්කාර පක්ෂවල කිසිදු එකඟතාවක් නැතිව බවට වූ විරෝධතාවක් ද මේ වනවිට මතුව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා ඒ බව සිය පක්ෂ සාමාජිකයන් හමුවේ පවසා තිබේ. මේ හේතුකොටගෙන ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ රවි කරුණානායක මහතාගේ නිවෙසට ආරක්ෂාව සැපයීමට පොලීසිය පියවර ගෙන තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *