Latestදේශීය

IMF සිව්වන වාරිකය අනුමතයි – ඩොලර් මිලියන 333ක් ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන වාරිකය ලබා දීමට එකඟතාවය පල කිරීමේ නිවෙදය නිකුත් කර තිබේ.

ඒ එහි තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුවය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවන බව පැවසේ.

ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෘෘවර් නායකත්වය දුන් අතර ඔවුන් මෙරට නොවැම්බර් 17 වනදා සිට රැඳී සිටියේය.

පසුගිය 2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලදි. එය මාස 48ක් පුරා ක්‍රියාත්මකය.

මෙම කරුණු අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී.

පළමු වාරිකය 2023 මාර්තු 21 වනදා හිමි වූ අතර එය ඩොලර් මිලියන 333කි. එහි දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් හිමිවූයේ 2023 දෙසැම්බර් 13 වනදාය. එහි තෙවෙනි වාරිකය මේ වසරේ ජුනි මාසයේදී අනුමත කළ අතර එය ඩොලර් මිලියන 336කි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *