Latestදේශීය

උසස් පෙළ දින තුනක් නැහැ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පැවසීය.

අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30 වැනිදා සුපුරුදු ලෙස විභාගය ඇරැඹෙන අතර විභාගය නොපැවැත්වූ දින තුනෙහි විභාගය යළි දෙසැම්බර් 21,22 සහ 23 යන දිනයන්හි පැවැත්වීමට තීරණය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා පැවසීය.

“සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.”

අද (26) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ඒ බව පැවසීය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *