Latestදේශීය

නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය ජලයෙන් යටවෙයි

නුවරඑළිය නගර සිමාවට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින තලගලඔය පිටාර ගැලිම නිසා නුවරඑළිය  මහ නගර සභාව යටතේ පාලනය වික්ටොරියා උද්‍යානය, ගිනි නිවිමේ සහ ගලවා ගැනිමේ ඒකකය (27) දින පස්වරුවේ ජලයෙන් යට වි ඇත.

එම ඒකකය ජලයෙන් යටවිම හේතුවෙන් ගිනි නිවන රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට නගර සභාවේ පාලන අධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත.

ඒ අසල පිහිටි වෙළඳසැල් රැසක් ජලයෙන් යට වි ඇති අතර, වික්ටොරියා උද්‍යානයේ පිහිටි ළමා උද්‍යානයද සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වි ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *