Latestදේශීය

පාර්ලිමේන්තුවේදී මට ගැහුවා – රාමනාදන් අර්චුනා

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී අද තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.

තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති වේලාව දැනගැනීමට අද පස්වරු 2.30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගිය බවත් එහි සිටි නිලධාරීන් වෙනත් කාමරයකට තමා රැගෙන ගිය බවත් මන්ත්‍රීවරයා පැවසීය. එහි සිටි අය පැවසුවේ හෙට හවස 4.00 ට වගේ මට දෙන්න පුළුවන් කියලා.

,මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා කිව්වා.
එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *