මහල් 9ක කොළඹ හෝටලයක ගින්නක්
කොළඹ, කොටුවේ පිහිටි මහල් නවයකින් යුත් හෝටල් ගොඩනැඟිල්ලේ 07 වැනි මහලේ ඊයේ (05) පස්වරුවේ හටගත් ගින්න පාලනය කිරීමට ඊයේ රාත්‍රිය වන තුරුම ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.
ගින්න හට ගන්නා අවස්ථාවේ එම හෝටලයේ රැඳී සිටි දෙස් විදෙස් සංචාරකයන් ආරක්ෂිතව බේරා ගැනීමට කොළඹ ගිනි නිවීමේ ඒකකය දැඩි පරිශ්‍රමයෙන් කටයුතු කළේය. ඊයේ පස්වරු 5.00ට පමණ එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීමේ රථ ගණනාවක් මේ සඳහා යෙදවිනි. මෙම ගින්න හට ගැනීමට හේතුව සොයා විමර්ශන පැවැත්වෙන බව කොටුව පොලීසිය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

