Latestවිදේශීය

දකුණු කොරියානු විදෙස් ඇමති ඉල්ලා අස්වෙයි

ජනා­ධි­ප­ති­ව­රයා විසින් හදිසි යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරීමේ මත­භේ­දා­ත්මක සිදු­වී­මට සම්පූර්ණ වග­කීම භාර ගනි­මින් එරට ආර­ක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුර­යෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරි­යාව ව්‍යාකූ­ල­ත්ව­යට හා නොස­න්සු­න්තා­වට පත් කළ යුද නීතිය සම්බ­න්ධව කන­ගා­ටුව ප්‍රකාශ කරන බවත්, සිය­ලුම හමුදා නිල­ධා­රීන් සිය මඟපෙන්වීම හා උප­දෙස් මත ක්‍රියා කළ බවත් තහ­වුරු කර­මින් දකුණු කොරි­යාවේ විදේශ ඇමැ­ති­ව­රයා මේ තීර­ණය ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

හදිසි යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් එරට ජන­තාව මුහුණ පෑ ව්‍යාකූ­ල­ත්වය හා කන­ස්ස­ල්ලට සමාව ඉල්ලා සිටි ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා ජාතික ආර­ක්ෂාව පිළි­බඳ දැනට ක්‍රියා­ත්මක කරන මෙහෙ­යුම් අඛ­ණ්ඩව සිදු කිරී­මට සහාය ලබා දෙන බව ද සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *