ලොහාන් නැවතත් අත්අඩංගුවට
බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති ලොහාන් රත් වත්තේ ඊයේ (06) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලොහාන් රත්වත්තේ සිය ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කොල්ලු පිටිය පොලිසියට ලද පැමිණිල්ලක්මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශනවලදී ලොහාන් රත්වත්තේ බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
මීට පෙර ඔහු ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් වාරියපොළ පොලිස් බලප්‍රදේශයේදීද මගී බස් නැවතුම්පොලක් තුළට කඩා වැදුණු අතර එම අනතුරට පත් රථයේ තිබී ගිණිවි ප්‍රමාණයක්ද හමු වී තිබිණි.
ඔහු සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී ලෙස එකලස් කළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඊට අදාළව ඔහු ඇප මත මුදාහරින ලද්දේ පසුගිය බ්‍රහස්ප්‍රතින්දා (05) දිනයේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

