Latestදේශීය

ලක්ෂයක් ඉක්මවූ ගොවි පැමිණිලි

පසුගිය දා ඇති වූ ගංවතුරෙන් තම වගා බිම්වලට හානි වූ බවට ගොවීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණිලි කර ඇතැයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ගොවිබිම් අක්කර දෙලක්ෂකට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇති බවය.

මේ පිළිබඳ තක්සේරු කිරීම් අද (11) සිට ආරම්භ කරන බව ඔහු කියා සිටියේය.

මේ අතර පසුගියදා කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ගංවතුරෙන් සිදුවූ පූර්ණ වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගොවීන් වෙත ලබාදිමට හැකි බවයි.

මේ සදහා වූ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු වන බවත් ඒ පිළිබඳව ගොවීන් කිසිඳු සැක සංකාවක් තබා ගත යුතු නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව ගොවීන්ගේ වගාවන්ට සිදුවූ පූර්ණ හානි සදහා අදාළ තක්සේරු මුදලද, අර්ධ හානි සඳහා චක්‍රලේඛයේ සඳහන් 60% ක වන්දි මුදලද මූලික හානි සඳහා 40% ක වන්දි මුදලදක්ද හිමිවේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *