Latestවිදේශීය

ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් සිරියාවේ වරායන් විනාශ වෙයි

ඊශ්‍රායලය විසින් සිරියාවේ අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රහාරවලින් නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවය.

ප්‍රහාරවලින් වරායටද විශාල හානියක් සිදුව ඇති අතර සිරියාව වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 350කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව සඳහන්ය.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ සිය රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම තම ඉලක්ක කරන බවයි. 

සිරියානු බලඇණිය විනාශ කිරීමේ මෙහෙයුම ඉතා සාර්ථක බව ඔහු පවසා තිබේ.

සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරා හි ගුවන් තොටුපොළවල, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත පහර දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *