චීන ආර්ථිකය තවත් ශක්තිමත් වෙයි
මෙම වසරේ නොවැම්බර් මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො ට්‍රිලියන 3.2659ක් වූ බව එරට නිල දත්ත වාර්තාවල සඳහන් වේ.
එය ඔක්තෝබර් මස අග සිට ඩොලර් බිලියන 4.8කින් එසේත් නොමැති නම් 1.15%කින් ඉහළ යාමක් බව පැවසේ.
මුදල් පරිවර්තනය සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේ දී ප්‍රසාරණය වූ බව එම අදාළ දත්තවල සඳහන් වේ.
චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පැවතීමත්, වෙළෙඳපොළ විශ්වාසය වැඩිදියුණු වෙමින් පැවතීමත්, රට තුළ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බව චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන බලධාරීන් පවසයි.
මේ අතර චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගන්නා බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

