Latestදේශීය

රිලවුන් එලවා දමන බදුල්ලේ හනුමන්තා

බදුල්ල ස්ප්‍රිංවැල්ල ගම්මානය දැඩි සේ රිලා උවදුරට ලක්වූ ගම්මානයක් වුවත් හනුමන්තා මුහුණු පැළදීම නිසා සතුන්ගේ හානිය අවම වී ඇතැයි ගොවි ජනතාව පවසයි.

නගරයේ වෙළදසැල් වල තිබෙන හනුමන්තාගේ මුහුණු පැළද කලු ඇදුමක් ඇද රිළවුන් ඉදිරියට ගිය විට සතුන් බියේ පළායන බව ගැමියන් පවසන අතර මේ ගම්මමානයේ හැම නිවසකම හනුමන්තා මුහුණු තිබේන අතර තම ගෙවත්තට එන රිළවුන්  පසු පසු මෙම හනුහන්තා මුහුණු පැළද දිවීමට ගම්මු පුරුදුව සිටියි.

ගම්මානයේ ගොවි බිම්වල පඹයන් ඉදිකර හනුමාන්තාගේ මුහුණු පැළදව තිබීම නිසා වදුරන්ගෙන් ගොවි බිම්වලට සිදුවන හානිය අවම වී ඇති බව ගම්වාසීන් පවසයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *