සන්තෝෂ් ජා බිමල් හමුව
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වන Santosh Jha (සන්තෝෂ් ජා) මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී පසුගිය දා (13) හමු විය.
එහි දී අමාත්‍යවරයා සහ මහකොමසරිවරයා අතර කෙටි සාකච්ඡාවක් සිදු විය.
ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයකින් මෙහි දී කථා කළේ ය.
එමෙන් ම අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන ලදී.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

