විදුලිසර වද්දවා අලි 50ක් මරලා
අනවසර ලෙස විදුලි සැපයුම භාවිතා කර සිදු කෙරෙන වන අලි ඝාතනයන් වළක්වා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ජනතා සහාය අපේක්ෂා කරයි.
ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම පිළිබඳව ස්ථාවර දුරකථන අංක 0112118767 හෝ කෙටි දුරකථන අංක 1987 යන අංකයන්ට දැනුම් දෙන මෙන් එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තොරතුරු ලබාදීම පිළිබඳව කිසිදු සැකයක් උපදවා ගත යුතු නැති බව සඳහන් කරන එම මණ්ඩලය තොරතුරු ලබාදෙන පුද්ගල අනන්‍යතාවන් පිළිබඳව උපරිම රහස්‍යභාවය සුරකින බව අවධාරණය කරයි.
මෙම වසර (2024) තුළ ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් වන අලින් පනස් දෙනකු (50) පමණ මරණයට පත්ව ඇති බවත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් සඳහන් කරන ලංකා විදුලිබල මණ්ඩලය එම තත්ත්වය වළක්වා ගැනීම රටේ සමස්ත ජනතාවගේ යුතුකමක් සහ වගකීමක් බවත් සිහිපත් කරයි.
@දිවයින