Latestවිදේශීය

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි ප්‍රධානී මියයයි

ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම එම ප්‍රහාරය සෙනසුරාදා සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය මෝටර් රථය, බුද්ධි අංශ ප්‍රධානීයා ගමන් ගත් මෝටර් රථයේ ගැටෙන්නට සළස්වා පුපුරුවා හැර ඇත.

බෝම්බ පිපිරීමෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියාටත් තුවාල සිදුවී ඇති බව සදහන් වේ.

ඒ අනුව, එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇති අතර ඔවුන් සැක පළ කරන්නේ, අයි එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *