සහල් මෙට්‍රික් ටොන් 75000ක් ආනයනය කරලා
මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් මෙරටට ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය සිදුකර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 32,000 ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 43,000 ක් නාඩු සහල්වේ.
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය දා රජය පියවර ගත්තේය. ඒ අනුව පසුගිය 26 වැනිදා සිට රේගුව විසින් නැවතත් සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. එහිදී ආනයනික සහල් මෙට්‍රික් ටොන් 72,000ක් පසුගිය 27 වැනිදා උදෑසන වන විට කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබේ.
ආනයනය කරන ලද සහල් හැකි ඉක්මනින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සමඟ එක්ව රේගුව විසින් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

